සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු හෙට සිට නවතා දමයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන පිරිපහදු කටයුතු හෙට සිට අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ප්‍රමාණවත් බොරතෙල් ලැබීමෙන් පසු අප්‍රේල් මාසයේදී ඉන්ධන පිරිපහදු කටයුතු නැවත ආරම්භ කරන බව ඔහු පැවසීය. “ටෙන්ඩර් කිහිපයක් ලැබී තිබෙනවා.

අප්‍රේල් මාසයේ බොරතෙල් එක දිගටම ලැබුණොත් රට තුළ ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නැහැ.

දැන් පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන, භූමිතෙල් වැනි පිරිපහදු කළ ඉන්ධන තොග රටට ලැබෙනවා.

ප්‍රමාණවත් බොරතෙල් ලැබෙන තුරු මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බව සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *