සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද විහාරයේ තැන්පත් කරයි

මෙවර සිරිපා වන්දනාවාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩු, සුමන සමන්දේව ප්‍රිතිමාව සහ පුජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේවාලයේ තැන්පත් කිරිම සිදුවිය.

ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ උපදෙස් අනුව මෙම කටයුතු සිදුවිය.

නල්ලතන්නි- හැටන්, එරත්න-කුරුවිට, ශ්‍රී පලාබද්දල-රත්නපුර සහ නල්ලතන්නිය- බළන්ගොඩ යන මාර්ග හතරෙන් ආපසු වැඩම කළ සධාතුක කරඩු, සුමන සමන්දේව ප්‍රතිමා සහ පුජාභාණ්ඩ මුලින්ම පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානය වෙත රිය පෙරහරවල් වලින් වැඩම කරවනු ලැබීය.

ඉන්පසු පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ සිට අලි ඇතුන්, උඩරට, පහතරට සහ සබරගමු නැටුම් කණ්ඩායම් සහිත අලංකාර පෙරහරකින් පැල්මඩුල්ල ගලපොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත වැඩම කරවනු ලැබීය. පසුව ගල්පොත්තාවල ශ්‍ර‍ි පා‍ රජමහා විහාරයේ සමුන සමන් දේවාලයේ විශේෂ කුටියේ එම භාණ්ඩ තැන්පත් කර 2024/25 සිරිපා වන්දනාවාරය සමාප්ත කරනු ලැබීය.

මෙසේ තැනපත් කළ සුමන සමන් දෙව්රුව සහ පූඡාභාණ්ඩ නැවත වැඩම කරවනු ලබන්නේ 2025/26 වන්දනාවාරය ආරම්භ කරන මේ වසරේ දෙසැම්බර් මාසයේ උදුවප් පුර පසළොස්වක පොහොය දිනයට පෙර දිනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *