’’සතුටින් බාර ගන්නවා’’ -කතානායක

තමාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව තමා සතුටින් බාරගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පැවසීය.

එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑම මන්ත්‍රීවරයකුට අයිතියක් ඇති බවත් ඒ අයිතියට තමා ගරු කරන බවත් කතානායකවරයා කීවේය.

තමා එම යෝජනාවට මුහුණ දෙන බව පැවසූ මහින්ද යාපා අබේවර්ධන මහතා විශ්වාසභංග යෝජනාව ඉතා ඉක්මනින්ම විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

“අපි බලමු මොකද වෙන්නේ කියලා” යැයිද කතානායකවරයා පැවසීය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගත් අවස්ථාවේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *