අතීතයේ යාපනයේ පැවති “යාපනය ගුරු සිරිත” රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ඒ අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ගුරු වෘත්තීය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂණය කරනවා නම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත් පැවසු ජනාධිපතිවරයා වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේ පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්රදානෝත්සවය අමතමිනි.
උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්රදානය සිදු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.