LK reports news sinhala

සජින් ද වාස්ට වරෙන්තු

රුපියල් ලක්ෂ 369  ආදායම් බදු නොගෙවීමට එරෙහිව   දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනනැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

ව්‍යාපාරිකයෙකු වූ  වාස් ගුණවර්ධන මහතා 2010-2012 වර්ෂ වලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන්  දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී මෙම නඩුව පැවරු අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට සිටින දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ වගඋත්තකරුට සිතාසි භාරදී ඇති මුත් අධිකරණයේ පෙනී සිට නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතුරාජ මහත්මිය විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වරෙන්තු  නිකුත් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *