සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවත් ප්‍රේමදාස මහතාට සියයට 43 ක සහයක් ඇති බවත් එම ආයතනය නිවේදනය කළේය.
ජාතික ජනබලවේගයේ අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 30 ක සහයක් ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළිවූ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන සහය සියයට 20 ක දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සියයට 7 ක සහයක් ඇති බවත් එම ආයතනය පවසයි.