සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් ඩුබායි සිට ගෙන එයි

විදේශ ගමන් තහනම් කරමින් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රි ලංකාවට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දිවයිනට රැගෙන එන ලද මෙම අපරාධකරුවන් දෙදෙනා අවුරුදු 26 හා 48 යන වයස්වල පසුවන්නෝ වෙති. ඔවුන් මට්ටක්කුලිය හා නුගේගොඩ පදිංචිකරුවෝ වෙති.

පළමු සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙතටත් ‌දෙවැනි සැකකරු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒ්කකය වෙතටත් භාරදිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *