ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා උපදෙස්

2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළ අභියාචනා සඳහා 2023.11.27 සිට 2023.12.04 දින දක්වා කාලය ලබාදී තිබේ.

අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic දරන වෙබ් අඩවියේ School Login වෙත පිවිස අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *