ශ්‍රී ලංකා හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩිකා ඕෂදී කුරුප්පු 27 වැනි වියේදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩිකා ඕෂදී කුරුප්පු වයස අවුරුදු 27 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඕෂධී 2020 දී ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර වසර දෙකක පිළිකාවක් සමඟ සටන් කිරීමෙන් අඟහරුවාදා (08) මිය ගියේය.

කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඕෂධී කුඩා කල සිටම බැඩ්මින්ටන් ක්‍රීඩාවට දස්කම් දැක්වූ අතර 2015 වසරේ ජාත්‍යන්තර මට්ටමින් තරග කිරීමට සමත් වූවාය.

ඇය 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතය නියෝජනය කළ අතර කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගත්තාය.

ඊට අමතරව ඕෂධී 2016 ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සහ 2017 වසරේ ගිම්හාන විශ්ව විද්‍යාල තරඟාවලියද නියෝජනය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *