ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) තැන්පත් කර තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් පියානෝ තුනක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිකුත් කර ඇත.
SLBC හි සභාපති හඩ්සන් සමරසිංහ මහතා 2021 ජූලි 1 වන දින පියානෝ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.
එම පැමිණිල්ලට අනුව රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනා යටතේ පරීක්ෂණයක් ආරම්භ කළ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින්.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.