ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණ එහි කණ්ඩායමක් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) බාර දුන්නේය.
දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සම්බන්ධයෙන් එහිදී කොමිසම දැනුවත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ වීර කුමාර දිසානායක යන මහත්වරු දේශපාලන මණ්ඩලයේ තීරණ මැතිවරණ කොමිෂන් සභාවට මෙසේ භාරදුන්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (9) පැවැත්විණ. එම රැස්වීම කැඳවනු ලැබ තිබුණේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.