ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

බලය ලබා ගැනීමට මළ පෙරේතකම ඇතිවී ඇත්තේ කාටදැයි දැන් පැහැදිලි බවද ඔහු සඳහන් කළේය.

අගුපිල්වල ළගින පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර යැවීමට ඉඩ දිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා මේ කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් දහස් ගණනින් එක්විය යුතු අවස්ථාව එළැඹ ඇති බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *