හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බවත් එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් මාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය් ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය කැදවීමේ පූර්ණ බලය පක්ෂයේ සභාපතිවරයා සතු බවත් දිසා අධිකරණයෙන් දී ඇති වාරණ නියෝගය යටතේ පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කරන ඕනෑම පත්වීමක් අධිකරණ තීන්දුවට අනුව වියයුතු බවත් වැඩබලන ලේකම්වරයා කීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය මාර්තු මස 31 වැනිදා පැවැති අවසන් දේශපාලන මණ්ඩල රැස්වීමට ද සහභාගී වී තිබියදී මෙවැනි නීති විරෝධී රැස්වීමක් කැඳවා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීතිමය රාමුව තුළ අධිකරණ නියෝගය මත කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.