ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධතා ගැන ජර්මානු තානාපතිවරයා පැහැදෙයි.

රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල සාමකාමී ස්වභාවය පිළිබඳව තමන් පැහැදීමෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Holger Seubert පවසයි.

“ශ්‍රී ලංකාවේ අභිමානවත් ජනතාව තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙතරම් සාමකාමීව ක්‍රියාත්මක කරනවාද යන්න ගැන මම පැහැදෙනවා” ඔහු පැවසීය.

සාමකාමී විරෝධතා කෙතරම් ප්‍රබල විය හැකිද යන්න රට අත්විඳින ලද 1989 දී ජර්මානු යලි එක්වීම තමාට මතක් කර දෙන බව තානාපතිවරයා පැවසීය.

අද උදෑසන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ට සාමකාමීව සිටීමට ශක්තිය ප්‍රාර්ථනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *