USAID commences 5-Year ocean plastics reduction project in Sri Lanka & Maldives

ශ්‍රී ලංකාවේ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 900ක

ශ්‍රී ලංකාව තුළ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වන බව පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පසුගියදා අනාවරණය කළේය.

ජනනය කරන ලද ප්‍රමාණයෙන් සියයට 32 ක් පමණක් එකතු වන බවත් එකතු කරන ප්ලාස්ටික් වලින් සියයට 4 ක් පමණක් යාන්ත්‍රිකව ප්‍රතිචක්‍රීකරණය කරන බවත් කමිටුව අනාවරණය කළේය.

ඉතිරිය එකතු කළද අවිධිමත් ලෙස පරිසරයට බැහැර කරන බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

කිසිදු රෙගුලාසියකින් තොරව ද්විතීයික ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බවත් එම නිසා ඉදිරියේදී එම කර්මාන්තයේ අවශ්‍යතා අනුව පමණක් බලපත්‍ර නිකුත් කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කරන අතර අපද්‍රව්‍ය ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට ද අවසර දී ඇති බව නිලධාරීන් අනාවරණය කළේය. පසුගිය වසරේ අපද්‍රව්‍ය ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබුණද ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා ආනයනය කර ඇත්තේ අපද්‍රව්‍ය ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 5,179ක් පමණක් බව අනාවරණය විය.

එබැවින් කර්මාන්තයේ අවශ්‍යතාවය සලකා බලා ඒ අනුව අවසර ලබා දෙන ලෙසත් ගෙන්වන ප්ලාස්ටික් නිශ්චිත වසර 5ක කාලයක් තුළ එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අධික පිරිවැය හේතුවෙන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්ලාස්ටික් එකතු කිරීමට බොහෝ අය උනන්දු නොවන බව නිලධාරීහු කමිටුවට පැවසූහ. කෙසේ වෙතත්, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දිරි දීමනා වැඩි කිරීමෙන් මෙම මුදල වැඩි කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේය. තවද, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *