අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් බව ආංශික අධීක්ෂණ කාරක සභාව අනාවරණය කළේය.
නොවැම්බර් 24 වැනි දින අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ අවධානයට මේ කාරණය යොමු කෙරිණි.
ඒ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පරිසර නීති අංශයේ කැඳවුම්කරු චරක ජයරත්න ඇතුළු කමිටුවක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ වනජීවී සහ සංශෝධිත වෘක්ෂලතා ආරක්ෂණ (සංශෝධන) පනත වගන්ති පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින්.
පනතේ 3 වන වගන්තිය, 6 වන වගන්තිය, 19 වන වගන්තිය, 20 වන වගන්තිය සහ 30 වන වගන්තිය සංශෝධන සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු වන අලි සම්බන්ධ ප්‍රධාන වගන්ති කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය.
වන සතුන් මැරීම සඳහා අදාළ දණ්ඩ ගාස්තු සංශෝධනය කළ යුතු බවට යෝජනා වූ අතර වන අලි පොදු දේපළක් ලෙස බල ගැන්වීමෙන් අදාළ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමට යෝජනා ඉදිරිපත් විය.
එමෙන්ම මෙරට වන අලි නිතර මිය යන එක් අවස්ථාවක් ලෙස නීතිවිරෝධී අධි බලැති විදුලි රැහැන් සවි කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මේ සම්බන්ධයෙන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් නොමැති බැවින් පැහැදිලි අර්ථකථනයක් සහ ඊට අදාළ දඬුවම් ඇතුළු නව වගන්ති හඳුන්වාදීම පිළිබඳව කමිටුව තුළ සාකච්ඡාවක් ඇති විය.
ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති කමිටුවක් හරහා අදාළ නිර්දේශ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ කමිටුවේ සාකච්ඡා වූ පනත් සංශෝධනයට අදාළ දැනට පවතින යෝජනා යළි සටහන් කර නිශ්චිත කාල රාමුවක් යටතේ පනත සංශෝධනය කිරීම අවසන් කිරීමට කමිටුව නිර්දේශ කළේය. .