‘Ni Hao Zhong Guo’ වැඩසටහන යටතේ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000-3000 කට අධික සංඛ්‍යාවක් සහභගි වන ප්‍රථම චීන මැරතන් තරගයට ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මීළඟ දෙවසරක කාලය තුළ අතිරේක චීන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා Ni Hao Zhong Guo වැඩසටහන යටතේ ගිවිසුමක් අවසන් කිරීමට පීරිස් පසුගියදා චීනයේ Chongqing නගර සභාවට ගියේය.
ඒ අනුව මේ වසරේ මැයි මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මැරතන් තරගයක් සංවිධානය කිරීමට යෝජනා වී ඇත. ඉන් අනතුරුව උන්වටුන වෙරළ තීරයේ සංවිධානය කරන මුහුදු ආහාර සැණකෙළියක් ද පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මෙය වාර්ෂික උත්සවයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය කළේය.
‘Ni Hao Zhong Guo’ වැඩසටහනට අනුව, ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව සංචාරකයින් මිලියනයක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාව රුපියල් බිලියන 225 ක ආදායමක් උපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.