ශ්‍රී පාද වන්දනා වාරය ගැන ගැසට් නිවේදනයක්

ශ්‍රීපාද වන්දනා වාරය 2024/2025 අද(14) සිට ආරම්භ කෙරේ.

ඒ අනුව හෙටින්  ආරම්භවන ශ්‍රීපාද වන්දනා වාරය ලබන වසරේ මැයි 13 දක්වා පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කරමින්   රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා විසින්  අති විශේෂ ගැසට් නිවේදනයක්  ( 12) දාතමින් නිකුත් කෙරිණි .

ශ්‍රීපාද වන්දනා සමය තුළ  මෙයට පෙර ගැසට් නිවේදන හයකින් පනවා තිබු රෙගුලාසි අනුව  ශ්‍රී පාද මළුව , ගමන් මග ඇතුළු පරිශ්‍රයෙහි  තාවකාලික නවාතැන් සැකසීම සහ පවත්වාගෙන යෑම  ,  ගොඩනැගිලි ඉදිකිරීම   , හිඟමන්  ඉල්ලීම හා දීම, පොලිතින් බැහැර කිරීම, සංචාරක වෙළඳම, මත්පැන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය වෙළඳාම,තබාගැනීම  හා භාවිතය තහනම් බව ඇතුළු රෙගුලාසි  මෙවරද බල  පැවැත්වෙන බව මෙම ගැසට් නිවේදනයෙන්  මහජනතාවට  දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *