වෛද්‍යවරු

වෛද්‍යවරුන් පිරිසක ගෙන් කෝටි 08ක් රජයට අයවිය යුතුයි – විගණකාධිපති

පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීමෙන් පසු නැවත සේවයට නොපැමිණීම ඇතුළු ගිවිසුම් කඩකළ වෛද්‍යවරුන් අනූපස් දෙනකුගෙන් රුපියල් අටකෝටි දහනව ලක්ෂයකට අධික මුදලක් රජයට අය විය යුතුව තිබෙන බව මේ බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

පශ්චාත් උපාධිය ලැබීමෙන් පසු රාජකාරි කළ යුතු අනිවාර්ය සේවා කාලය ලබා නොදීම මෙන්ම වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගත විමෙන් පසු යළි සේවයට වාර්තා නොකිරීම යන වැරැදි කළ වෛද්‍යවරු ද මේ අතර වන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මීට අමතරව සේවය හැර ගිය වෛද්‍යවරුන් 107 දෙනකුගෙන් අය කර ගත යුතුව තිබූ මුදල් පිළිබඳ නිවැරැදි තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොතිබූ බවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබීම විශේෂත්වයක් වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *