වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව වෛද්‍යවරු කබලෙන් ලිපට දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා සැහැල්ලුවට ලක්කරමින් ආණ්ඩුව අයවැය සකස් කිරීමේදී කටයුතු කර ඇති බව කියන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රාජ්‍ය සේවකයන් මෙවැනි අපහසාත්මක තත්වයකට මීට පෙර කිසිඳු අයවැයකින් කරනොමැති බව ද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව පත්කිරීමට වෛද්‍යවරුන්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රතිශතයක් සහය දැක්වූ බවත් මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වෛද්‍යවරු 15 ක් පමණ කටයුතු කරන බවත් ඒ මහතා කීය.
ඇයැව හරහා වෛද්‍යවරුන්ගේ දළ වැටුප ද අඩුවීමකට ලක්ව ඇති බවත් වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනාව මූලික වැටුපෙන් 80 න් එකක් වශයෙන් ද, නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 20 න් 1 ක් වශයෙන් ද, පැවැති අතර අයවැයෙන් එම දීමනා පිළිවෙළින් 120 න් 1 වශයෙන් ද, 30 න් 1 ක් වශයෙන් ද අඩු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගනු ලබන ඕනෑම පියවර සඳහා කුමන හෝ ආකාරයෙන් සහය දැක්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සූදානමින් සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.