වෙනස්වූ පොලිස් නිළ ඇඳුම

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම ඊයේ 25දා සිදු කෙරිණි.

මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරී ආරම්භ කල පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට, අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර, පිරිත් නූල් බැඳ ආශිර්වාද සිදු කළහ.

අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාගෙන් කල ඉල්ලීමකට අනුව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *