වෙඩි වැදීමෙන් අපවත් වූ හිමි නම ගැන අලුත් කතාවක් එළියට

ගම්පහ – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළ දී භික්ෂුවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන නව මානයකට යොමු ව ඇති අතර, ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ දී සැකකරුවන් පැමිණි මෝටර් රථය ගිනි තබා එම ස්ථානයෙන් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය යොමු ව තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කර ඇත.

රජයේ රස පරීක්ෂකවරයා අද සිදු කළ පරීක්ෂාවේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ මෝටර් රථය කොටස් එකලස් කර සැකසූ එකක් බවටයි.

මේ අතර, ඝාතනයට ලක් වූ භික්ෂුව ගුරුකම් සඳහා නම් දැරූ භික්ෂුවක් වන අතර, පාතාල කල්ලියක් හා එක් ව සිදුකළ යම්කිසි ගනුදෙනුවක දී ඇති වූ ආරවුලක් මත ඝාතනය සිදු ව ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

පොලීසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, භික්ෂුවගේ අවාතේව සිදු කරමින් සිටි තරුණයා නමින් භික්ෂුව නිවාස කිහිපයක්ම මිල දී ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *