වෘත්තීය සමිති දහසක් අද දින වර්ජනයට එක්වෙයි…

‘ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසක පමණ සංඛ්‍යාවක් අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වෙයි.

ආණ්ඩුවට විරෝධය පාමින් මෙසේ විරෝධතාවයට එක්වන පිරිස ලක්ෂ දහය ඉක්මවනු ඇතැයි වෘත්තිය සමිති නායකයන් කියා සිටිති.

ඔවුන් විසින් අද දිනයේ විරෝධතා පාගමනක් ද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩවර්ජනය ගේ අරමුණ දින හතක් තුළ ආණ්ඩුව බලයෙන් ඉවත් විය යුතු බව දැන්වීම බවත් එය නොතකා ආණ්ඩුව දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කලහොත් අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද වෘත්තිය සමිති අවධාරණය කර සිටිති.

සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය, විදුලි, තෙල්, වතු, තැපැල්, සමුර්දි, බැංකු කම්කරු ආදී සියලු ක්ෂේත්ර මෙම වැඩවර්ජනය සඳහා සහභාගි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *