විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

15% ක වැටුප් කප්පාදුව නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබේ.

යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රජයට අනතුරු ඇඟවීය.

වැඩවර්ජනය 44 වැනි දිනටත් යයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු ලේකම් මහේෂ් මෙන්ඩිස් කියා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා නිහඬව සිටීම හේතුවෙන් තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවයි.

“යූජීසී සභාපතිවරයා මුලදී මැදිහත් වූයේ නම්, වර්ජනයක් සිදු නොවනු ඇත. අපට තවමත් රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නැත,” ඔහු පැවසීය.

“එබැවින් රජය මැදිහත් වී කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඉල්ලා සිටිනවා.15% වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් වගකිව යුතු ඇමැතිවරු දැන් නිහඬයි.

තම ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.

“රජය අපිට බල කළා මේකට. අපිට වැඩවර්ජන කරන්න අවශ්‍ය වුණේ නැහැ, අපිට අවශ්‍ය වුණේ අපේ ඉල්ලීම්වලට විසඳුම් පමණයි. දැන් රජය කියනවා අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඔවුන්ට කිසිවක් කරන්න බැහැ කියලා. අපිට මේ ස්ථාවරයට එකඟ වෙන්න බැහැ. රජය මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි. ” මෙන්ඩිස් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *