විශ්‍රාමික හමුදා සෙබළා ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට

කිරිඳිවැල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැක කෙරෙන විශ්‍රාමික හමුදා සෙබළෙකුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

CID විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

CIDය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකාරිය 49 හැවිරිදි නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඝාතනයට ලක්වූ විශ්‍රාමික හමුදා සෙබළාගේ බිරිඳ බවයි.

සිය සැමියා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම ඝාතනයට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් ඇය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *