මැතිවරණ වියදම් වාර්තා ලබන 27 වැනිදා රාත්‍රී දොළහට පෙර බාර නොදෙන පළාත් පාලන අපේක්ෂකයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයන් පිළිබඳ විස්තර එම දිනයෙන් පසු පොලිසියට බාර දෙන බවත් පොලිසිය නීතිපතිවරයාගේද උපදෙස් ලබාගෙන අපේක්ෂකයන්ට නඩු පවරනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මැතිවරණ නීතිය අනුව වියදම් වාර්තා ලබාදීම අනිවාර්ය වේ.