විදෙස් ප්‍රේශණ වැඩිවෙලා

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 18.3 ක සැලකිය යුතු වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

පසුගිය වසරේ පළමු මාස හතරේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.

එසේම මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එයද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් විය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.

පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8 ක වර්ධනයක්ද විය.

එසේම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා රුපියල දැඩිව කඩා වැටීමට ලක්වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ 310,953 ක පිරිසද ඉක්මවා ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *