විදුලි බිල අඩු කරන්න කොමිසම රැස්වෙයි

විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදඟා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් පැවැත්වෙන බව එම කොමිසමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනා සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නේද එසේ නැත්නම් මීට පෙර ඉදිරිපත් කළ විදුලි ගාස්තුව සියයට 3.34 කින් අඩු කිරීමට කළ යෝජනාවේ ක්‍රියාමාර්ග නව යෝජනාවට අදාල කරන්නේද යන්න එම රැස්වීමේදී තීරණය කරන බව ද එම සාමාජිකයා කීය.

විදුලි ගාස්තු අඩු කිරීම හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම මහජන උපයෝගිතා කොමිසමේ බලාපොරොත්තුව බවත් ඒ සඳහා නීතියානුකූලව ගතහැකි සියලුම පියවර ගන්නා බවත් එම සාමාජිකයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *