කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් අද (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතු වේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව සහ කඩුවෙල ද ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය සහ වත්තල යන අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තබන බව බස්නාහිර පළාත් අධ්යක්ෂ ප්‍රේම රංජිත් දේවබන්දු මහත පැවසීය.