බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
මේ වන විට තුවාල ලැබූ 20 දෙනකු පමණ ඩයරබා මිරාවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.
30කට අධික පිරිසක් තුවාල ලබන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. මේ වන විටත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාල කරුවන් ගොඩ ගෙන රෝහලට රැගෙන යාමට කටයුතු කරන බව එහි සිටින අප වාර්තා කරුවෝ පැවැසූහ.
ඉන් තරමක් බරපතල තත්වයේ සිටි තුවාල කරුවන් අට දෙනකු වැලිමඩ රෝහලට මාරු කළ යැවූ බව මිරාවත්ත රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.