වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළේය.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්‍රණාමය පිරිනමන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡ වැඩසටහන් මාලාව අතරතුරදී ය.