ව්‍යාපාරික පවුල රට පනින්න ගොස් හසුවෙයි

ව්‍යාජ ග්‍රීක වීසා යොදාගෙන යුරෝපයට යෑමට උත්සහ කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පසවයි.

මෙම පවුල ගල්ෆ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බහරේන් වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට යෑමට සැළසුම් කර තිබූ  බව ද එම දෙපාර්තමේන්තුව කීය.

සාමාජිකයන් සිවුදෙනෙක්ගෙන් යුත් එම පවුලේ සාමජිකයන් පිළිබදව සැක සිතූ ආගමන විගමන ආවේක්‍ෂණ ඒකකය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් එක්කෝටි හතලිස් ලක්‍ෂයක් ගෙවා තැරැව්කරුවෙක්ගෙන් ග්‍රීක වීසා ගෙන ඇති බව හෙළි වූ බවත් එම පවුලේ පියා 47 වැනි වියේ ද, මව 43 වැනි වියේ ද, පුතුන් දෙදෙනා අවුරුදු 21 සහ 16 යන වයස්වල පසු වන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *