වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී පැවසීය.

දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙලේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *