වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි

විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව වැඩිකර පහසුකම් සලසන්නැයි ඉල්ලමින්  2022 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ  අන්තර් විශ්ව විද්‍යාලයේ බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 10 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන පරිදි කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ කුරුදුවත්ත පොලිසිය මගින් පැවරූ පැමිණිල්ල මෙසේ කැඳවීමට දින නියම කළේය.

ඇප මත මුදාහැර  සිටින රන්කරව්වැවේ ජිනරතන හිමි,ගල්වැව සිරිදම්ම හිමි,චානක සඳරුවන්,අන්තර් විශ්ව විද්‍යාලයේ බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මුදලිගේ වසන්ත කුමාර,ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර අධිකරණයේ පෙනී නොසිටි නමවෙනි සැකකරුට වරෙන්තු නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *