වතු සේවක වැටුපට පඩිපාලක සභාවේ අනුමැතිය

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් ලබාදීමේ තීරණය පඩිපාලක සභාවේදී අනුමැතිය ලැබිණ

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක්ද පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩවන් මහතා පැවසුවේ එම ඡන්ද විමසීමේදී  වැටුප් වැඩි කිරීමට පක්ෂව දාහතර දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ බවයි.

ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ වතු සමාගම් තුනක් පමණක් බවද ඔහු සඳහන් කළේය.

වතු සේවකයන් සඳහා දෛනික මූලික වැටුප ලෙස  රුපියල් 1350ක් සහ  පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවයකට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *