වතු ප්‍රජාවට සජිත්ගෙන් නව ප්‍රඥප්තියක්

උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ එම්. උදයකුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද ඊට අත්සන් තැබූහ.

වතු ප්‍රජාවගේ දේශපාලන ආර්ථික සමාජීය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින්  මෙම ප්‍රඥප්තියට එළැඹුන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොරොන්දුවකට සීමා නොවී වසර 200ක මෙරට ඉතිහාසය තුළ උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක් හා නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කරන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *