වත්මක් රජය ‘පච’ රජයක් ලෙස ලේබල් වී අවසන්

වත්මක් රජය ‘පච’ රජයක් ලෙස ලේබල් වී අවසන් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“දැන් රජය ලේබල් වෙලා ඉවරයි බොරු රජයක්, ප්‍රෝඩාකාරී රජයක්, බොරු පොරොන්දු දෙන රජයක්, පච මල්ලකට හිමිකම් කියන රජයක් කියලා. සුබ නැකතකින් රට අනුරට ලබා දීලා මොකක්ද ජනාධිපතිවරණයේදී කළේ? මොකක්ද මහ මැතිවරණයේදී කළේ? පොහොසත් රටක් හදනවා කිව්වා, ලස්සන ජීවිතයක් ඇති කරනවා කිව්වා. එ්ත් ප්‍රතිපත්ති මාලාවේ ඉදිරිපත් කරපු එකදු පොරොන්දුවක් වත් ක්‍රියාත්මක කරන්න. 35,000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා කිව්වා. පොහොර සහනාධාරය කලට වේලාවට ලබා දෙනවා කිව්වා. ඒක ඉෂ්ඨ කරන්න බැරි වුණා. ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර ලබා දෙනවා කිව්වා ඒක ඉෂ්ඨ කරන්නත් බැරි වුණා. බඩු මිල අඩු කරනවා කව්වා. සහල් මිල, පොල් මිල, කිරිපිටි මිල ඉහළ ගියා. රටේ ජනතාවගේ ලුණු ඉල්ලුමටවත් සැපයුම දෙන්න බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ. 33%කින් විදුලි මිල අඩු කරනවා කිව්වා. 20%කින් හරි විදුලි මිල අඩු වුණේ ජනතාව මහජන උපයෝගීතා කොමිසමට ගිහින් ඉදිරිපත් කරපු චෝදනා නිසා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *