ලොකු ලූනු අස්වැන්න නෙලීම ඇරැඹේ

2024 යල කන්නයේ ලොකු ලූනු  වගාවේ  අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි .

මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල හෙක්ටයාර 1500 ක භූමි ප්‍රමාණයක ලොකු ලූනු  වගාව සිදු කර ඇතැයි ද මේ දිනවල ගොවීන්ගෙන් ලොකු ලූනු අස්වැන්න   මිලට ගන්නා  බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

ලොකු ලූනු වගාව ආරම්භයේ වර්ෂාවෙන් හානි පැමිණියද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැඩි කැපවීම මත වගාව සාර්ථක කර ගැනීමට හැකි වූ බව  ලොකු ලූනු  බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ආර්. කාංචන මහතා පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු ලූනු  ප්‍රවර්ධන වැඩසටහන යටතේ වගාවට සුදුසු නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර 2025 වසරේ යල කන්නයේදී හෙක්ටයාර 2000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඩී.ආර්.කාංචන  මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *