ලෙබනන ජාතිකයාගෙන් මුදල් සොරා ගත් චීන ජාතිකයා අත්අඩංගුවට

ලෙබනන ජාතියෙකුගෙන් අමෙරිකානු ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයා අද (15) අලුයම ඉන්දියාව බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබේ .

සැකකරු 48 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

මුදල් සොරා ගත් චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලීසිය ඒකාබද්ධ ව මෙහෙයුම් රාශියක් ක්‍රියාත්මක කළ ද ඒවා අසාර්ථක වූ බව වාර්තා වේ.

චීන ජාතිකයා සන්තකයෙහි රුපියල් 827,712.76ක් වටිනා ලෝකයේ විවිධ රටවල මුදල් ඒකක ගණනාවක් ද තිබී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී මෙම චීන ජාතිකයා තමන් ලෝකය පුරා තේ අලෙවි කිරීමේ යෙදෙන අලෙවිකරුවෙකු බවත් ඒ කටයුතුවලින් උපයා ගත් මුදල් මෙසේ තමා සන්තකයෙහි ඇති බවත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු සඳහන් කර තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මෙහෙයවන අතර, සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *