නෙළිමට තිබු මෙට්රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති.
රටපුරා මෙ වන විට මතුව ඇති උග්ර ලුණු හිගයකට ප්රධාන හේතුව ලෙස බලපා තිබුනේද ලුණු නිෂ්පාදනයට නිසි අව් රශ්මිය අහිමි වි වැස්ස නිරන්තරයෙන් පැවතීම බවද ඔවුහු කියති.
ශ්රී ලංකාවේ සමස්ථ ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම සියයට 60 කට ආසන්න දායකත්වයක් දක්වා ඇති අතර නිසි අව් රශ්මිය පැවති සමයන් වලදි මෙට්රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට කටයුතු කර තිබු බව පුද්ගලික හා රජයෙ ලුණු ලේවායන් වල අදාල අංශ පවසති.
ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පැවති වර්ෂා තත්වය ලුණු වගා කරුවන්ටද බරපතල ආර්ථික ගැටළු මතු කර තිබුණි.
ලුණු ලේවායන් වල රුපියල් 1500 ක මිලකට නියම වී තිබු ලුණු කිලෝ 50ක බැගයක් මේ වන විට රුපියල් 7000 කට ආසන්න මිලකට ඉහළගොස් ඇත. සිල්ලර මිලද මේ වන විට ඉතා ඉහළමට්ටමක පවතී
මේ සියල්ල හමුවේ පසුගිය සමයෙ දැඩි අව් රශ්මියක් පුත්තලම පතිත වි ලුණු ලේවායන් වල ලුණු පදම් වෙමින් එය යල කන්නයෙ ඉහල අස්වැන්නක් වාර්තා කරන තත්වයට පත්වෙමින් තිබියදී , නොසිතු ලෙස ඊයේ (17) සිට නැවත වර්ෂාව පතිත විමත් සමඟ නැවතත් පුත්තලමේ ලුණු අස්වැන්න නොලැබිමේ තත්වයට පත්ව ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.