ලාල්කාන්තට ඊශ්‍රායලයෙන් ආරාධනයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් මහතා අතර හමුවක් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සංචාරය කරන්නැයි  තානාපතිවරයා මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට ආරාධනා කළේය. එම සංචාරයේදී  ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේද දැකබලා, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ලබාගත හැකි වනු ඇතැයි තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *