ලාංකේය ධීවරයන් 13 දෙනෙකු මාලදිවයිනේ දී අත්අඩංගුවට

මාලදිවයින් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු ශ්‍රී ලාංකික ධීවරයන් රැගත් ධීවර බෝට්ටු 02ක් එරට වෙරළාරක්ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම එක් යාත්‍රාවක සිටි ධීවරයන් හත් දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ සිටි ධීවරයන් හය දෙනෙකු වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 25 වැනි දා මෙම ධීවර බෝට්ටු දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යාත්‍රා දෙක දැනට ‘Haa Alif Filladhoo’ වරායේ නැංගුරම් ලා ඇති වෙරළාරක්ෂක බළකායට අයත් Nooraddeen නැව භාරයේ තබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මාලදිවයින් මුහුදේ ඉන්දීය සහ ශ්‍රී ලංකා ධීවර යාත්‍රා නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම බහුල ව දක්නට ලැබෙන තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *