විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුමැතිය ලබාදීම ලබන මස මැද භාගයේදී සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පළමුවෙන්ම මහජනතාවගේ අදහස් ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාවේ තීරණය විදුලි බල මණ්ඩලයට දැනුම් දෙන බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
විදුලි ගාස්තු ලබන මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසුවේය.