’’ලතෝනි’’ ලෝක උරුමයක් කරයි

පසම් සහ ලතෝනි ගායනා  ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක්  ඇතුළත් ග්‍රන්ථයක්  එළිදැක්වීම හා  ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ  මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ  පැවති උත්සවයට සහභාගී වෙමිනි.

එසේම  පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන  බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුශ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ  ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසම් සහ ලතෝනි ගායනා සංරක්ෂණ කටයුතු  සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *