ලක්ෂ 20ක හෙරොයින් සමඟ ‘හබරකඩ කසුන්ගේ‘ ගෝලයා මාට්ටු

ඩුබායි හී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන “හබරකඩ කසුන්” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සමීපතමයෙකු වන අයෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත.

විශේෂ පොලිස්‌ කණ්ඩායම් අතුරින්  බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව මෙහෙයුම්වල නිරත මෙම පොලිස් කණ්ඩායමට එම කණ්ඩායමට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා විසින් ලබා දුන් තොරතුරක් මත සැකකරු හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් ඩුබායිහි වෙසෙන හබරකඩ කසුන්ගේ දැනුම් දීම මත අදාළ මත්ද්‍රව්‍ය තොග යතුරුපැදියක් භාවිතා කරමින් පනාගොඩ නවගමුව දැඩිගමුව වැලිපිල්ලෑව හෝමාගම මීගොඩ අතුරුගිරිය ආදී ප්‍රදේශවල අදාල තැන් වලට රැගෙන ගොස් භාරදීම් කටයුතු සිදුකරන බවට අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *