ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක්

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව  විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි  මහතා සඳහන් කළේය.

එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය.

අලි සබ්‍රි මහතා මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

” සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි” යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *