ලංකාව කැණීම් කළ තෙල් සහ ගෑස් ළිං 4න් 3ක් සාර්ථකයි – බලශක්ති ඇමති

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව පැවසීය.

එහිදී පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.

ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

නමුත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බව අමාත්‍යරවාය එහිදී සඳහන් කර තිබුණි.

එම සම්පූර්ණ නිවේදනය පවත දැක්වේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *