ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (22) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

ලොකු ලූනු කිලෝවක් රුපියල් 100 කින්, රතු කව්පි කිලෝවක මිල රුපියල් 52 කින්,  සුදු කව්පි කිලෝවක මිල රුපියල් 50 කින්, බාස්මතී සහල් කිලෝවක මිල රුපියල් 20 කින්, රතු ලූණු කිලෝවක මිල රුපියල් 10 කින්, සුදු සහ දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 5 බැගින්, සෝයාමීට් කිලෝවක මිල රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරයි.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 550 ක් ද, රතු කව්පි කිලෝවක නව මිල රුපියල් 998 ක් ද, සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 1,100 ක් ද, බාස්මතී සහල් කිලෝවක නව මිල රුපියල් 650 ක් ද, රතු ලූණු  කිලෝවක නව මිල රුපියල් 350 ක් ද, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 265 ක් ද,  දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 425 ක් ද, සෝයාමීට් කිලෝවක නව මිල රුපියල් 595 ක් ද, රතු කැකුළු සහල කිලෝවක නව මිල රුපියල් 168 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *