රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නමින් පැවැති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය දක්වමින් රේගු නිලධාරීන් ක්‍රියාත්මක කළ ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර ඊයේ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව එම තීරණයට එළඹි බවත් ඒ මහතා කීය.
අදාල ගිණුම මේ මස 31 වැනිදාට පෙර රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වියයුතු බවත් එසේ නොකළ හොත් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවත් අමිල සංජීව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.