රුපියල් කෝටි අසූ නවයක විශ්‍රාම වැටුප් වැඩියෙන් ගෙවලා

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින්   විශ්‍රාම වැටුප් ගෙවීමේදී ඉකුත් ආසන්න වසර පහ තුළදී රුපියල් මිලියන 885.7 (අසූඅට කෝටි  පනස් හත්  ලක්ෂයක්  ලක්ෂයක්) ක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය එම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්  නිකුත් කළ විගණන වාර්තාවකින්  අනාවරණය කරයි.

මෙම මුදල 2023.12.31 දිනට තවදුරටත් අයකර ගතයුතු මුදලක් ලෙස පවතින බව මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියාද පිළිගෙන ඇත.

මෙලෙස වැඩිපුර ගෙවාඇති මුදල කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙස විගණන කාර්යාලය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *